Saturday, May 11, 2024

General line - 0115112241

මෙරට හමුදා නිලධාරීන් පිළිබඳ රටවල් 17කට දුන් බව කියන අනුමැතිය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




යුද හමුදාවට නායකත්වය දුන් හිටපු බල සේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ සූදානමක් ඇතැයි කිසිදු නිල වාර්තාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමක දී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ මේ පිළිබඳ ඇතැම් මාධ්‍ය වාර්තා පමණක් පළ වී ඇති බවයි. කෙසේවෙතත් එම වාර්තා පිළිබඳ ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුවූ බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා. 

හිටපු බල සේනාධිපතිවරුන් 06 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට නඩු පැවරීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස්වරිය රටවල් 17කට අනුමැතිය ලබාදී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. එහෙත් එවැන්නක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් දැනුවත් කළ යුතු බවයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ. එවැනි දැනුවත් කිරීමක් සිදු වූයේ නම් අනිවාර්යෙන්ම ආරක්ෂක අමාත්‍යංශය ද දැනුවත් කරන බව ඔහු අවධාරණය කළා. 

මේ අතර රණවිරුවන්ට එල්ල වී ඇති ජාත්‍යන්තර බලපෑම් සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ (17) රාත්‍රියේ ප්‍රචාරය වූ සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවේදී ද අදහස් පළ කෙරුණා.  එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් සඳහන් කළේ රට වෙනුවෙන් යුද්ධයට නායකත්වය දුන් සියලු රණවිරුවන් රැක ගැනීම ජනතාවගේ යුතුකමක් බවයි.

නෙත් එෆ්. එම්. රේඩියෝව “ජේතවන සෑ රඳ වන්දනාව” සංවිධාන කරන්නේ ද හෙළ රජ දවසේ සිට රට රැක ගැනීම වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට පිං පැමිණවීමේ අරමුණින්. “ජේතවන සෑ රඳ වන්දනාව” ලබන සෙනසුරාදා පස්වරුවේ ඓතිහාසික ජේතවනාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී පැවැත්වෙනවා.