Sunday, May 12, 2024

General line - 0115112241

"හමුදාව සහ පොලිසිය නැත්නම් උතුරේ සාමයත් නෑ"

අරුණ කැළුම් බෝධිමාන්න




ජාත්‍යන්තර බලපෑම් සම්බන්ධයෙන් රජය මෙන්ම යුද හමුදාවද බුද්ධිමත්ව කටයුතු කළයුතු බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ යුද සමයේ සිදුවූ සිද්ධීන් පිළිබඳ නොව යුද්ධයෙන් පසු රටේ ඇති වූ යහපත් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කළයුතු බවයි.

ගැටලුවක් ඇත්නම් ඒවාට රට තුළින්ම විසදුම් සොයාගත යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මේ වනවිටද සිදුකරන කටයුතු පිළිබද යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙහිදී අදහස් පළ කළා.

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ "යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය නොමැති නම් උතුරු නැගෙනහිර මේ සාමයක් තියෙන්න විදිහක් නෑ. ජනතාවගෙන් කිසිඳු ගැටලුවක් අපි වෙත නෑ. යම් දේශපාලන කණ්ඩායම් තමයි මෙවැනි දේවල් ඉදිරිපත් කරන්නේ." යනුවෙනි.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙම අදහස් පළ කළේ වැලිගම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.