Monday, May 13, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියෙකුට පිහි පහරක්




රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු පිහි ඇනුමකට ලක්ව තිබෙනවා.

ගොකරැල්ල බක්මීගොල්ල ප්‍රදේශයේ ගංජා ග්‍රෑම් 230යි මිලිග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සැකකරු පොලිස් නිලධාරියෙකුට මෙලෙස පිහියකින් ඇණ පළා යෑමට උත්සහ කිරීමේදී අනෙක් පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුව පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයා ගැනුණා.

සැකකරු වයස අවුරුදු 22ක් වූ බක්මීගොල්ල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පිහි ඇණුමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.