බි්රතාන්යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඉදිරිපත් කළ යෝජනාව එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී පරාජයට පත්ව තිබෙනවා. එම යෝජනාව බි්රතාන්ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ තුන්වන අවස්ථාව මෙයයි.
අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධව ඡන්ද 344 ක් හිමි වූ අතර පක්ෂව හිමිවී තිබුණේ ඡන්ද 286 ක් පමණයි. ඒ සමග බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මෙන්ම තෙරේසා මේ ගේ අග්‍රාමාත්‍ය ධුරයද අවධානමකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.