Wednesday, April 17, 2024

General line - 0115112241

ලංකාවයි ඕස්ට්‍රේලියාවයි එක්වී ‘තවත් වාර්තාවක්’ පිහිටුවයි (UPDATE)




ශ්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරගයක වාර්තාවූ ඉහළම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම් ප්‍රමාණය පල්ලෙකැලේ දී මේ වන විට පැවැත්වෙන තරගයෙන් වාර්තා වී තිබෙනවා

මෙම තරගයේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම් 14ක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

 


ඕස්ට්‍රේලියාව කඩුලු  හතයි – තරගය තීරණාත්මකයි(UPDATE)

Jul 30, 2016 @ 12:18

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය උණුසුම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

දිවා ආහාරය සඳහා තරගය අත්හිටුවන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබාගෙන සිටිනවා.

රංගන හේරත් කඩුලු හතරක් දවා ගැනීමට සමත්වුණා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම තවත් ලකුණු 127ක් ලබාගත යුතුයි.

ඒ සඳහා තවත් කඩුලු 3ක් ඉතිරිව තිබෙනවා.

Australia's captain Steven Smith (R) plays a shot as wicketkeeper Dinesh Chandimal looks on during the fourth day of their opening Test match between Sri Lanka and Australia at the Pallekele International Cricket Stadium in Pallekele on July 29, 2016. / AFP / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)


ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තීරණාත්මක දිනය අද

Jul 30, 2016 @ 07:43

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි.

ඊයේ (29) තරගය නතර කරන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලූ 3ක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටියා.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔවුන් තවත් ලකුණු 185ක් ලබාගත යුතුයි.