Friday, May 17, 2024

General line - 0115112241

පාප් වහන්සේගේ ඉල්ලීමෙන් පසු සුඩානයේ තවත් දේශපාලන පෙරළියක්

තරංග රුක්ෂාන් ජයසේකර




මේ වනවිට දැඩි කතාබහට ලක්වන සුඩානය තුළ තවත් දේශපාලන වෙනසක් සිදුව තිබෙනවා. ඒ, දීර්ඝ කාලයක් එරට පාලනය කළ හිටපු ජනාධිපති ඔබාර් අල් බෂීර් අත්අඩංගුවට ගැනීමෙන් පසු බිහි වූ හමුදා පාලනයේ ප්‍රධානියාද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි. 

හමුදා කුමන්ත්‍රණයකින් හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමත් සමඟ සුඩානයේ පාලන බලය එරට හමුදා කවුන්සිලයේ ප්‍රධානියා අතට පත්වුණා. එහෙත් ඔහුට එරෙහිව ද රටපුරා විරෝධතා ආරම්භ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ, හමුදා ප්‍රධානියා ද හිටපු ජනාධිපති බෂීර්ගේ සමීපතමයෙකු බවට චෝදනා එල්ලවීම හේතුවෙන්. ඔහු ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඔහුගේ සහයකයෙකු හමුදා පාලනයේ ප්‍රධානියා ලෙස පත්කර තිබෙනවා. දැනට පාලන බලය හොබවන සුඩාන හමුදාව පවසන්නේ වසර 02ක් රට තුළ හමුදා පාලනයක් ක්‍රියාත්මක වන බවයි. මැතිවරණය පැවැත්වෙන්නේ ඉන් පසුව බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ. 

සුඩානය සම්බන්ධයෙන් මේ වනවිට ලොවපුරා දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ, සාමය වෙනුවෙන් කැපවන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දකුණු සුඩාන ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයින්ගේ දෙපා සිඹ සිදු කළ ඉල්ලීම හේතුවෙන්.