Wednesday, May 15, 2024

General line - 0115112241

නැදුන්ගමුව රාජා ඇතුගේ හිස තෙල් ගැල්වීම (PHOTOS)




නැදුන්ගමුවේ රාජා ලෙසින් ලංකා වාසීන්⁣ගේ ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වූ නැදුන්ගමුවේ ඇත් රජුට දීර්ඝායුෂ පතමින්, හිමිකාරීත්වය දරන නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය මහතා අද (17) පෙරවරුවේ 7.40 ට එළැඹුනු ශුභ මුහුර්තියෙන් ඇතුගේ හිස තෙල් ගල්වන ලදී.

අනතුරුව ඇත් රජුට කැවුම් කිරිබත් හා කෙසෙල් ගෙඩි වලින් ද සංග්‍රහ ද කෙරිණි.

මෙම අවස්ථාව දැක බලා ගැනීමට අද උදෑසන සිටම ප්‍රදේශවාසිහු රැසක් එම නිවස අවට පෙළ ගැසී සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.