Saturday, September 21, 2024

General line - 0115112241

පා ගමනින් නීති කඩවී නෑ..කොළඹට ඇතුළු වීම වළක්වන්න බෑ – මහේස්ත්‍රාත්වරියගේ දැනුම් දීම මෙන්න




ඒකාබද්ධ විපක්ෂ පා ගමන කිරිබත්ගොඩ සිට කොළඹට ඇතුල්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර ඉවත දමා තිබෙනවා.

ඊයේ (29) මෙම ඉල්ලීම පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පා ගමනින් මේ දක්වා මහජන කටයුතු වලට බාධාවක් , නීති කඩවීමක් හෝ අනර්ථවත් දෙයක් සිදුව නොමැති බව මහේස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කර තිබෙනවා.

එවන් සිදුවීමක් වුවහොත් ඒ පිළිබඳ අධිකරණය දැනුම්වත් කර අදාළ පියවර ගැනීමට පොලිසියට හැකි බවද මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නා.