Wednesday, May 15, 2024

General line - 0115112241

අලුයම ඇති වූ ගින්නකින් සිව් මහල් ගොඩනැගිල්ලක් විනාශ වෙයි




අද (18) අලුයම 3.00ට පමණ මහරගම පොලිස් වසමේ දෙපානම පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි කඩදාසි බෑග් නිෂ්පාදනය කරනු ලබන සිව් මහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් ඇති වී තිබුණා.

මහරගම පොලිසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, දෙහිවල, කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒකක හා සිද්ධිය ඇති වූ ස්ථානය අවට ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.