Tuesday, May 7, 2024

General line - 0115112241

දිවයින ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය නිසා තද වැසි




දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් තද අකුණු සමග වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සවස දෙකෙන් පමණ පසු සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ අනුරාධපුර දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

සෙසු ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 50 කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව අද (18) උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්.