Tuesday, May 7, 2024

General line - 0115112241

සැකකාර ගයාන් බුද්ධිමව කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙයි

හේමන්ත කහවලගේ




මාකදුරේ මදූෂ් සමග ඩුබාහිදි අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඊයේ (17) දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනාගෙන් එක් අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

ගයාන් බුද්ධිම පෙරේරා නමැති මෙම සැකකරුට මිනිමැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඊයේ අත්අඩංගුවට ගැණුනු සෙසු සැකකරුවන් පස් දෙනා තවදුරටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.