Tuesday, May 7, 2024

General line - 0115112241

වෙදනලාවක් රැගෙන රෝහලට ගිය තරුණියගේ සෙල්ලම ලෙල්ලම වෙයි

ලලිත් චාමින්ද




වෙදනාලාවක් රැගෙන වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් ඇල්පිටිය රෝහලේ රෝගීන් ළග සැරිසැරු තරුණියක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණිය 24 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි ඇල්පිටිය පොලිසිය පවසන්නේ. ඇය පිලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්. 

ඇය කුඩා කාලයේ සිටම වෛද්‍යවරියක් බවට පත් කිරිමේ සිහිනයක් මිත්තනියට තිබි ඇති බවත් එහෙත් මිත්තනියගේ බලාපොරොත්තු ඇයට ඉටුකිරීමට නොහැකිවූ බවයි පොලිසියට පවතා ඇත්තේ.

කලා අංශයෙන් උසස් පෙළ හදරා ඇති ඇය පසුව මානසික උපදේශන පාඨමාලාවක් හදරා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

වෙදනලාව ඇයගේ මිත්තනිය විසින් මිලදීගෙන ලබා දී ඇති බවද ඇය පොලිසියට පවසා තිබෙනවා.

මිත්තනියගේ මිතුරියක් රෝහලේ ප්‍රථිකාර ලබන අතර සිය මිත්තනිය සතුටු කිරිම සඳහා වෙදනලාවක් රැගෙන රෝහලේ රෝගින් අසල වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් සැරිසැරූ බවයි ඇය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

වෙදනලාවක් රැගෙන කාන්තාවක් රෝහලේ සැරිසරණ බවට රෝහල් පොලිසියට ලැබුණු  තොරතුරක් මත  ඇල්පිටිය පොලිසිය විසින් මෙකි තරුණිය අත්අඩංගුවට ගෙන තිබුණා. 

සැකකාර තරුණියව අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්පිටිය මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් ප්‍රසන්නගේ මෙහෙයවීම යටතේ පරික්ෂණ සිදු වෙයි.