Tuesday, May 7, 2024

General line - 0115112241

මහියංගනය අනතුරෙන් මියගිය 10 දෙනාගේ අවසන් කටයුතු සිදුවෙයි (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




නුවරඑලියේ විනෝද චාරිකාවක් ගොස් මඩකලපුව දක්වා පැමිනෙමින් සිටියදි මහියංගනය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් මිය ගිය 10 දෙනාගේ අවසන් කටයුතු මඩකලපුව ස්ථාන දෙකකදි සිදුකරනු ලැබිය.

සියලු දෙනාගේම සිරැරු මඩකලපුව කල්ලඩි පාලම අසල ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගෙනවිත් එහිදි ආගමික වතාවන් පවත්වනු ලැබිය.

ඉන් අනතුරුව මෙම අනතුරින් මියගිය ලිස්ටර් ඇලෙක්සෙන්ඩර්,නිසලි ඇලෙස්සෙන්ඩර්,පයිගා ඇලෙස්සෙන්ඩර්,හැනලි ඇලෙක්සෙන්ඩර් ,වෙලාන්ටන් ජොබ්ස් ,සහ සිල්වියා ජොබ්ස් යන අයගේ අවසන් කටයුතු මඩකලපුව කල්ලියාන් කාඩු කතෝලික සුසාන භුමියේදි සිදුකරනු ලැබිය.

පසුව අනෙක් දේහයන් හතර කන්නාමුනේ සැඩෝ දේවාස්ථානයේදි ආගමික වතාවත් පවත්වා කන්නාමුනේ කතෝලික සුසාන භුමියේදි එකම වලක මිහිදන් කරනු ලැබිය.එහිදි මිහිදන් කරනු ලැබුවේ මෙම අනතුරින් මියගිය ජුඩ් හෙන්රි, මරියා හෙන්රි,සෙයිඩ් හෙන්රි,සෙරබි හෙන්රි යන එකම පවුලේ සිව්දෙනාගෙ දේහයන්ය.

මෙම පිරිසට  අවසන් ගෞරව දැක්විම සදහා විශාල පිරිසක් පැමිණ සිටි අතර අවසන් කටයුතු කිරිමේදි විශාල තබදබයක්ද කල්අඩි ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය තුලදි ඇතිවූ බව අප වාර්තාකරු පැවසීය