Tuesday, May 7, 2024

General line - 0115112241

සජිත්ට හා රවීට අගමැතිගෙන් අවවාදයක්

ඩිල්ෂාන් මඩවල




ප‍්‍රසිද්ධියේ ගැටුම් ඇතිකර නොගන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සජිත් පේ‍්‍රමදාස සහ රවී කරුණානායක යන අමාත්‍යවරුන්ට අවවාද කර තිබෙනවා.

නුවරඑළියේදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින්   එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මේ බව පැවසුවා.  

පාක්ෂිකයන් අතර මත ගැටුම් ඇති වීම පක්ෂයක දෙදරා යාමක් නොවන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

කෑගැල්ලේදී මාධ්‍යවේදීන් වෙත පිළිතුරු ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂයේ  මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු  පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ සියලූ දෙනා අවශ්‍ය අවස්ථාවේදී එකට එක්ව කටයුතු කරනු ඇති බවයි.