Tuesday, May 7, 2024

General line - 0115112241

සිංහල ජාතියේ වීරයෙක් දාලා ජනාධිපවරණයක් දිනන්න බෑ..දෙමළ සහ මුස්ලිම් ඡන්ද ඕනෑ - වික‍්‍රමබාහු කරුණාරත්න

ඩිල්ෂාන් මඩවල




දෙමළ සහ මුස්ලිම් ඡන්ද නොමැතිව ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට කිසිදු අපේෂ්කයෙකුට නොහැකි වනු ඇතැයි නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න පවසනවා.

ඒ අනුව විපක්ෂ කණ්ඩායම් විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඇති කිරීමට උත්සාහ කරන සමාජ බලවේගය සාර්ථක එකක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

පවතින දේශපාලන හැසිරීම අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයාට ජය ගැනීමට වැඩි ඉඩක් පවතින බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. 

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මෙම අදහස් පල කළේ් කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.