Wednesday, May 15, 2024

General line - 0115112241

රොබෝවරුන් ප්‍රවෘත්තී ඉදිරිපත් කිරීම ඇරඹෙයි

ඩිල්ෂාන් මඩවල




රුසියාවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ‘රොසියා ටුවෙන්ටි ෆෝ’ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සදහා රොබෝවරයෙකු හදුන්වා දී තිබෙනවා. ඇලෙක්ස් ලෙස නම් කර ඇති මෙම රොබෝවරයා නිර්මාණය කෙරෙන්නේ අමෙරිකානු ඩොලර් 15,600 ක වියදමක් දරමින්. 

තවත් එවැනි රොබෝවරුන් 12 දෙනෙකු සදහා ඇණවුම්ද ලැබී තිබෙනවා. 

රොබෝවරයෙකු යොදා ගෙන ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ලොව මුලින්ම ආරම්භ කළේ චීනයේ ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවය විසින්. ෂින් ෂියාහෝ ලෙස නම් කෙරුණු රොබෝවරයෙකු යොදා ගනිමින් ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවය ඉකුත් වසරේදී මෙම අත්හදා බැලීම කළා. 

ඉකුත් මාසයේ සිට ෂින් ෂියෝමෙන් ලෙස නම් කෙරුණු රෝබෝවරියක්ද ඔවුන් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සදහා යොදා ගනිමින් සිටිනවා.