Wednesday, May 15, 2024

General line - 0115112241

ගොවීන් සදහා ආනයනය කරන යූරියා වංචා කිරීමේ ජාවාරමක්

සජිත් තිලකරත්න




ගොවීන් සදහා ආනයනය කරනු ලබන යූරියා වංචනික ලෙස කර්මාන්ත සදහා යොදා ගැනීමේ ජාවාරමක් පිළිබද තොරතුරු ලැබී තිබෙනවා. මේ පිළිබද කළ විමසීමකදී ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ ගොවීන් සදහා ආනයනය කරන යූරියා මෙලෙස වෙනත් කර්මාන්ත සදහා යොදා ගැනීම නීතිවිරෝධිද වන බවයි. 

මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන එහිි අධ්‍යක්‍ෂ අජිත් කුමාර.

 

ගොවීන් සදහා ආනයනය කරනු ලබන යූරියා කර්මාන්ත සදහා යොදා ගන්නා තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී වැටලීම් සිදුකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එවැන්නන් සදහා පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමටද හැකි බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පැවසුවේ. 

වෙනත් කර්මාන්ත සදහා යූරියා අවශ්‍ය නම් ඒවා ආනයනය කිරීමට බලපත‍්‍ර ලබාදී ඇතැයිද එම බලපත‍්‍ර යටතේ අවහිරයකින් තොරව කර්මාන්තකරුවන්ට යූරියා ආනයනය කළ හැකි බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.