Tuesday, May 21, 2024

General line - 0115112241

ඉදිරි රාජ්‍ය පාලනය දූෂණයෙන් තොර බවට ගෝඨාගෙන් ප්‍රකාශයක්




ඉදිරි රාජ්‍ය පාලනයේදී දූෂණයෙන් තොර පාලනයක් ගෙනයන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. දෙහිවල ප්‍රදේශයේ පැවති එළිය සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

එදා අපිට යම් යම් චෝදනා ආවා. දුෂණ සම්බන්ධයෙන් චෝදනා ආවා. ඒ සම්බන්ධයෙන් අපි පියවර ගන්න ඕන. රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න ඕනේ. දුෂණයෙන් තොර කර දක්ෂයින් ලවා රාජ්‍ය අංශය ලාභ ලැබෙන තැනට පත් කරන්න ඕනේ, හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.

ඉකුත් රාජපක්‍ෂ ආණ්ඩු සමයේ කොළඹ නගරයේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා.