Wednesday, May 22, 2024

General line - 0115112241

පාස්කු මංගල්‍යය අද




ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ මරණය සහ උත්තානය හෙවත් මරණයෙන් නැගිටීම සිහිකරමින් සැමරෙන පාස්කු මංගල්‍යය අදට (21) යෙදී තිබෙනවා.

පාස්කු ඉරිදා දිනය ලෙසින් හැදින්වෙන අද දිනයේදී කතෝලික දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන්ද පැවැත්වෙනවා. ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ සිය ජීවිතයෙන් සමාජයට දුන් ආදර්ශය අදටත් වලංගු බවයි ගරු බෙනඩික් ජෝෂප් පියතුමන් පෙන්වා දුන්නේ.

මේ අතර පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පාස්කුව එළඹෙන්නේ ආදරය, සාමය සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව නැගි සිටින මිනිස් සමාජය පිළිබඳ අපේක්‍ෂාවන් අප තුළ දල්වමින් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සැබෑ ජනතා නායකයෙකු ලෙස එකළ ජනතාව පීඩාවට පත් කළ සමාජ ක‍්‍රමය සහ සම්ප‍්‍රදායන් ප‍්‍රශ්න කරමින් ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ නව ජීවන මාර්ගයක් පෙන්වා දුන් බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ.