Wednesday, May 22, 2024

General line - 0115112241

රවී සහ සජිත්ගේ සිද්ධියට අගමැතිට කඩිනමින් මැදිහත් වෙන්නලු

සුනිල් හරිස්චන්ද්‍ර




සුළු සිද්ධියක් හේතුවෙන් සිය පක්‍ෂිකයන්ගේ මානසිකත්වය බිඳ වැටීමට කටයුතු සිදුවනවා නම් ඒ පිළිබඳ එක්සත් ජාතික පක්‍ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අවධානය යොමු කළයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා.

සජිත් පේ‍්‍රමදාස සහ රවී කරුණානායක යන අමාත්‍යවරුන් අතර ඉකුත්දා ඇති වූ සංවාදය පිළිබඳ අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව සඳහන් කළා.

එහිදී "එජාපයට අද හොඳ වටපිටාවක් තියෙනවා...ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්න.. එහෙම තත්ත්වයක් තුළ සුළු සිදුවීමකින් හෝ පාක්ෂික මානසිකත්වය බිඳ වැටෙන්න කටයුතු වෙනවා නම් ඒක සුදුසු නෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් ගනී කියලා. " යනුවෙන් සඳහන් කළා.

ජනතා ගැටළු අමතක කර එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින් වර්තමානයේ එහි නායකත්වය වෙනුවෙන් සටන් කරමින් සිටින බවට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සිදුකළ ප‍්‍රකාශයටද මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. 

එහිදී "මගේ විශ්වාසය බැංකු හොරා කවුද? කියන එක අධිකරණයට භාර කාරණාවක්. ඒ වෙනුවෙන් මේ වෙන කොට අපේ ආණ්ඩුව තියෙනකොටම පරීක්ෂණයක් කරන්න අවස්ථාව දීලා තියෙනවා..  ඒකේ වැරදිකාරුට නියත වශයෙන්ම දඬුවම් ලැබෙයි. මේ වගේ සුළු සුළු සිදුවීම් මහා කඩාවැටීම් කියලා පෙන්වන්න උත්සහ කරනවා නම් ඒක වැරදියි. " යනුවෙන් සඳහන් කළා.

හේෂා විතානගේ මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.