Friday, May 17, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අද අවසන් වෙයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අද (21) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා. 

ඒ අනුව අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු එම පළාත් සභාවේ කටයුතු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යටතට පැවරෙනු ඇති. බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වුවද පළාතේ සියළු කටයුතු නිසි අයුරින් සිදුකරන බවයි පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ. 

මේ වනවිට පළාත් සභා නවයෙන් පළාත් සභා 7 ක නිල කාලය අවසන්ව තිබෙනවා. දකුණු පළාත් සභාවේ නිල කාලය ද ඉකුත්දා අවසන් වුණා. ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝම්බර් මස 8 වැනිදා අවසන්වීමට නියමිතයි.