Friday, May 17, 2024

General line - 0115112241

කොළඹ නගරයේ පිපිරීම් 04ක් : 250කට අධික පිරිසක් තුවාලයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / ඉෂාර සුපෙම් මානගේ




කොළඹ නගරයේ සිදුව ඇති පිපිරීම් 04ක් හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 280 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

......................................................

පිපිරීම් සිදුව ඇති ස්ථාන වලට ඒකරාශී වීමෙන් වලකින්න ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට කොළඹ නගරයේ කතෝලික දේවස්ථාන දෙකකට සහ හෝටල් තුනක් ආශ්‍රීතව පිපිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 150 කට අධික සංඛ්‍යාවක තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මිට අමතරව මඩකලපුවේ පිහිටි දේවස්ථානයක් ආසන්නයේද පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.