Friday, May 17, 2024

General line - 0115112241

දෙහිවල සත්ව උද්‍යානය වසා දැමේ




දෙහිවල සත්ව උද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සත්ව උද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ ප්‍රකාශ කර සිටිනවා. දෙහිවල සත්ව උද්‍යානය ආසන්නයේ පිහිටි ලැඟුම් හලක සිදුවූ පිපිරිම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි සඳහන් කරන්නේ.

දැනට සත්ව උද්‍යානය නැරඹීමට පැමිණ සිටින නරඹන්නන් ආරක්ෂා සහිතව ඉන් පිට කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඇය සදහන් කළා.