Wednesday, May 22, 2024

General line - 0115112241

සියළු විශ්ව විද්‍යාල වැසෙයි - පාසල්වලට නිවාඩු - දුම්රිය ගමන් නවතී




රටේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල තාවකාලිකව වසාදමා තිබෙනවා. සිසුන්ට නේවාසිකාගාර තුළ තව දුරටත් රැදී සිටිය හැකි බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පැවසුවේ. මේ අතර පවතින තත්වය සැලකිලල්ට ගනිමින් හෙට සහ අනිද්දා දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කළ බව අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන් කළා.  

මේ අතර ආරක්ෂිත තත්වය සැලකිල්ලට ගනිමින් උඩවලව තණමල්විල මාර්ගයේ පිහිටි උඩවලව ජලාශයේ වේල්ල කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ වේල්ල නැරඹීමට ජනතාවට දුන් අවස්ථාවද තාවකාලිකව නතර කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු  පැවසුවේ.