Wednesday, May 22, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පිපිරීම් ගැන ලොවපුරා නායකයින් කණගාටුව පළකරයි (PHOTOS)




ලොව පුරා කිතුනුවන්ට ශුද්ධ වූ දිනයක් වන පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුට්‌ට්‍රෙස් විසින් සිය සංවේගය පළකර සිටිනවා. 

මිට අමතරව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ඇතුළු ලෝක නායකයන් රැසක් ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිය ශෝකය පළකරනු ලැබුවා.
 
“කතෝලික දේවස්ථානවලට සහ හෝටල් කිහිපයකට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර හෙළා දකිනවා. ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය අයගේ ඥාතීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අප කනගාටුව පළ කරනවා. ප්‍රහාරවලින් තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය පතනවා. ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට අප සූදානම්” යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

මිට අමතරව ලොව පුරා ක්‍රීඩකයින්, ක්‍රීඩා සමාජ ද ට්විටර් පණිවිඩ නිකුත් කරමින් මෙම මිලේච්ජ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිය සංවේගය පළකර තිබෙනවා.