Wednesday, May 15, 2024

General line - 0115112241

බෝම්බ සහිත ලොරියක් වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සොයා රටපුරා සෝදිසි

හේමන්ත කහවලගේ




සැක සහිත ලොරියක්, වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා. සැක සහිත ලොරි රථය DEA - 4197 දරණ ඇලුමිනියම් පැහැති එකක්. වෑන් රථය PH - 3779 දරණ කළු පහැති නිසාන් කැරවන් වර්ගයේ එකක් වනවා. 

සැක සහිත යතුරුපැදිවලින් එකක් BCY - 2183 අංක දරණ අතර, එය TVS ස්කූටි වර්ගයේ එකක්. NW PVC - 7783 දරණ කළු පැහැති බජාජ් පල්සර් වර්ගයේ යතුරු පැදියක් ද, VC - 4843 දරණ යමහ වර්ගයේ යතුරු පැදියක්, US -3740 දරණ හොන්ඩා වර්ගයේ කළු පැහැති ස්කුටි යතුරුපැදියක් ද ඒ අතර වනවා. සැක සහිත අනෙක් යතුරුපැදි 02න් එකක අංකය වන්නේ BDM- 0596යි. එය කළු පැහැති හොන්ඩා ස්කූටි වර්ගයේ එකක්. 144 - 2644 දරණ කළු පැහැති හොන්ඩා යතුරු පැදියද සැක සහිත වාහන අතර වනවා. 

මෙම වාහනවලින් VC - 7783 දරණ බජාජ් පල්සර් වර්ගයේ කළු පැහැති යතුරුපැදියත්, PH - 3779 දරණ කළු පැහැති නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථයත් මීට පෙර අපරාධ සඳහා යොදාගෙන ඇතැයි ද තොරතුරු තිබෙන බවයි පොලිස්පතිවරයා යැවූ ලිපියේ දැක්වෙන්නේ. ඒවා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසද තොරතුරක් ඇතොත් වහාම රාජ්‍ය බුද්ධි අංශයට දැනුම් දෙන ලෙසද පොලිස්පතිවරයා මෙමඟින් උපදෙස් දී තිබෙනවා. 

මේ අතර මෙම සැක සහිත වාහන අතරින් 02ක් පිළිබඳ සෝදිසියෙන් සිටින ලෙස කොළඹ වරාය පොලිසිය විසින් කොළඹ වරායේ ප්‍රධාන ආරක්ෂක කළමනාකාරවරයාට ද දැනුම්දීමක් නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණේ. ඇලුමිනියම් පැහැති ලොරි රථය සහ නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථය සම්බන්ධයෙන් අදාළ දැනුම්දීම සිදු කර ඇති අතර සැක සහිත ලොරි රථයේ බෝම්බ අටවා ඇති බවටද එහි සඳහන් කර තිබෙනවා.