Wednesday, May 15, 2024

General line - 0115112241

රතන හිමි අලුත් අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් ඉල්ලයි

සමන්ත කුමාර / මහේෂ් චතුරංග / සමීර ගොඩපිටිය




සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අද පැවැත්වූ මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ වුණා. මේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර.

චෝදනාවට ලක්ව සිටින තවුහිද් ජමාද් සංවිධානය තහනම් කළ යුතු බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා. 

මේ අතර මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද කියා සිටියේ බුර්කාව වහාම තහනම් කළ යුතු බවයි. 

උද්ගත වී ඇති තත්වය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවද කඩිනමින් ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයෙකු පත් කර ගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුමගම ද මෙහිදී අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ සිදු වූ බරපතල වරදෙහි වගකීම පොලිස්පතිවරයා මත පමණක් පවරා ආණ්ඩුවට නිදහස් විය නොහැකි බවයි. 

ආණ්ඩුව වෙනුවෙන් අමාත්‍ය රවී කරුණානායක ද අද මාධ්‍ය වෙත අදහස් දැක්වූවා. 

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ඉකුත්දා දෙමටගොඩ සිදු වූ පිපිරීමෙන් පසු එහිදී අත්අඩංගුවට ගැණුනු එක් අයෙකු 2015 මහ මැතිවරණයේ දී සිය ජාතික ලැයිස්තුව නියෝජනය කළ බව පිළිගන්නා බවයි. එහෙත් මෙම පුද්ගලයා සිය සාමාජිකයෙකු හෝ ක්‍රියාකාරිකයෙකු නොවන බවද ඔහු ජාතික ලැයිස්තුවට නම් කෙරුණේ විවිධ වෘත්තීන්ට සහ විවිධ ජාතිකත්වයන්ට අවස්ථාව ලබාදීමේ පදනමින් බවද ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. 

ඒ අනුව ඔහු හෝ ඔහුගේ පවුලේ අය සිදු වූ ප්‍රහාරයන්ට කිසියම්ම හෝ සම්බන්ධතාවක් තිබේනම්, ඒ පිළිබඳ නිසි දඬුවම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ඒ සඳහා ආරක්ෂක අංශවලට සිය සහය ද ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.