Wednesday, May 15, 2024

General line - 0115112241

ආරක්ෂක ලේකම් ජාත්‍යන්තර මාධ්‍යයට කළ ප්‍රකාශයට පාර්ශව රැසක විරෝධය

කසුන් කැලුම්




ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජාත්‍යන්තර මාධ්‍ය වෙත කළ ප්‍රකාශයට අද පැවති මාධ්‍ය හමු කිහිපයක දී විරෝධය පළ කෙරුණා. කොළඹ දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එවැනි ප්‍රකාශ සිදු නොකරන ලෙස තමන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට දැනුම් දුන් බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවක දී ද ආරක්ෂක ලේකම්වරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අදහස් පළ කළා. 

කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පැවසුවේ ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරවයා වහාම ඉල්ලා අස්විය යුතු බවයි. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ.