Tuesday, May 7, 2024

General line - 0115112241

වාහන අංක තහඩු කිහිපයක් සොයා ගනී

හේමන්ත කහවලගේ




ෂැන්ගි‍්‍රලා හෝටලයේ පිපිරවීම් සිදුකළ බෝම්බකරුවන් රැදී සිටි බව කියන පානදුර, කෙසෙල්වත්ත, පරත්ත පාරේ ෂෙරිෆ් මාවතේ පිහිටි නිවසේ තිබී වාහනවල අංක තහඩු කිහිපයක් සොයාගෙන තිබෙනවා.

එම අංක වන්නේ CP CAT 4260, WP CAS 7256  සහ CP CAV 4022  යි. 

අදාළ අංක තහඩු සත්‍යය ඒවාද ව්‍යාජ ඒවාදැයි තවදුරටත් විමර්ශන සිදුකෙරෙනවා. එම අංක තහඩු කුමන කටයුත්තක් සඳහා යොදාගෙන ඇත්තේ දැයිද විමර්ශන සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. අදාළ විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබනවා.

මේ අතර පානදුර, කෙසෙල්වත්ත, පරත්ත පාරේ ෂෙරිෆ් මාවතේ පිහිටි මෙම නිවස පිළිබඳ තොරතුරු අනාවරණ වූයේ ෂැංගි‍්‍රලා හෝටලයේ පිපිරවීම සඳහා බෝම්බකරුවන් රැගෙන ගිය බව කියන වෑන් රථයේ රියදුරාගෙන්. පසුව මෙම නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගැණුනා.