Tuesday, May 7, 2024

General line - 0115112241

තිස්ස අත්තනායක නඩුවෙන් නිදහස්

අධිකරණ වාර්තාකරු




වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරණය සමයේදී ව‍යාජ ලෙස යොදා කූඪ ලේඛනයක් මාධය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා නගමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළා.

නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකගතාවය පලකර ඇති බව නීතිපතිවරයා දැනුම් දීමෙන් පසුව අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා තීරණය කරන ලදී. 

මෙම නඩුව සම්බන්ධයෙන් තිස්ස අත්තනායක කණගාටුව පල කර සමාව අයැද සිටිමෙන් අනතුරුව ඔහු නඩුවෙන් මුදාහැරීමට මහාධිකරණය නියෝග කළා. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට නියෝග කෙරුණා.

.