Wednesday, May 15, 2024

General line - 0115112241

උතුර සහ නැගෙනහිර ආරක්ෂාව තර කර දෙන්නැයි TNA ඉල්ලයි

දිනසේන රතුගමගේ




කොළඹ සහ දකුණේ සෙසු ප‍්‍රදේශ මෙන්ම උතුර සහ නැගෙනහිරද තර්ජනයට ලක්ව ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

ඒ බව සැලකිල්ලට ගෙන උතුරේ සහ නැගෙනහිර ආරක්‍ෂාව තර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන ඉලංගෙයි තමිල් අරුසු කච්චි වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ අග‍්‍රාමාත්‍ය ලේකම්  කාර්යාලයෙන් ලිඛිතවද මෙම ඉල්ලීම කර තිබෙනවා.

ඉකුත් ඉරිදා (21) කෙරුණු පිපිරවීම්වලදී මඩකලපුව සියෝන් දේවස්ථානයද එක් ඉලක්කයක් වූ බවයි එහිදී සිහිපත් කර ඇත්තේ.