Wednesday, May 15, 2024

General line - 0115112241

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි




පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කොළඹ ඇතුළු ස්ථාන කිහිපයකට පසුගිය 21 වැනිදා එල්ල වූ කුරිරු ප්‍රහාර පිළිබඳව 2019/04/04 වැනි දින සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී සිටියදී එම තොරතුරු රාජ්‍ය නායකයා වූ ජනාධිපතිතුමාටත් අගමැතිතුමා පවසන පරිදි එතුමාටත් වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වන බව දැන දැනම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන දෙදෙනාම සිදු කර ඇති වැරදි අනුව ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය නොවලහා ක්‍රියාත්මක කරන ලෙසටයි.

(එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි)