Wednesday, May 15, 2024

General line - 0115112241

කොළඹ බන්ධනාගාර වල ආරක්‍ෂාවට නාවික හමුදාව යොදවයි

නිශාන් ද සිල්වා




කොළඹ බන්ධනාගාරවලට ඇතුළුවන පිවිසුම් මාර්ගවලට නාවික හමුදා නිලධාරීන් ආරක්‍ෂාවට යොදවා තිබෙනවා.

ඒ අනුව නාවික හමුදා නිලධාරීන් ආරක්‍ෂාවට යොදවා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරවලට පිවිසෙන පිවිසුම්වලටයි.

කොළඹ බන්ධනාගාරවලට අමතර ආරක්‍ෂාවක් ලබාදෙන ලෙස ඉකුත් 22 වනදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව බන්ධනාගාරවලට පිටතින් නාවික හමුදා නිලධාරීන් ආරක්‍ෂාව සපයන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.