Wednesday, May 15, 2024

General line - 0115112241

සැකකටයුතු යතුරුපැදි හතරෙන් එකක් නාවික හමුදාව සොයා ගනියි

දිනුක් හේවාවිතාරණ




සීදුව ප්‍රදේශයේදි නාවික හමුදාව විසින් යතුරු පැදියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) සවස අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ පෙරේදා (23) දින මාධ්‍ය ඔස්සේ ආරක්ෂක අංශ විසින් අවධානයෙන් සිටින්නැයි දැනුවත් කරන ලද යතුරුපැදි හතරෙන් එක් යතුරුපැදියක් මෙලෙස අත් අඩංගුවට ගැනිමට නාවික හමුදා භට කණ්ඩායමකට හැකිවු බවයි.

අත්අඩංගුවට ගනු ලැබු යතුරුපැදිය සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා නාවික හමුදාව විසින් සීදුව පොලිසියට භාරදි තිබෙනවා.

නාවික හමුදාව මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසක හා මුහුදේ සිය ආරක්ෂක මෙහෙයුම් දැඩි කොට ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කර සිටියේ.