Wednesday, May 15, 2024

General line - 0115112241

තවත් රටවල් 03ක බුද්ධි අංශ එයි

තරංග රුක්ෂාන්/හේමන්ත කහවලගේ




අද (25) අලුයම 04.00ට ඊයේ රාත‍්‍රී 10.00 සිට ක‍්‍රියාත්මක කෙරුණු පොලිස් ඇඳිරි නීතිය අවසන් කෙරුණා.

මේ අනුව මේ වනවිට සාමාන්‍ය පරිදි ජනතාවට සිය දෛනික කටයුතු සිදු කරගෙන යා හැකි බවයි පොලිසිය පැවසුවේ. 

මේ අතර නීති විරෝධීව වෝකි ටෝකි යන්ත‍්‍ර 02ක් ළඟ තබාගෙන සිටි බවට වත්තල මාබෝල හිටපු නගරාධිපති මොහොමඞ් නවුසාඞ්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

තවද, ඉකුත් ඉරිදා ශ‍්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ පිපිරවීම් මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර පොලිසිය සහ තවත් රටවල් 03ක බුද්ධි අංශ නිලධාරීන් මේ වනවිට දිවයිනට පැමිණ සිටිනවා.

ඒ අතරට එෆ්. බී. අයි. සහ බි‍්‍රතාන්‍ය ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසිය ද අයත්. ඊශ‍්‍රායල බුද්ධි අංශ නිලධාරීන් ද මෙරටට පැමිණ සිටින බවයි ආරක්ෂක අංශ පැවසුවේ. ලොව දියුණු රටවල් භාවිත කරන අතිශ්‍ය දියුණු තාක්ෂණික මෙවලම් නොමැතිව ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මේ දක්වා සිදු කර ඇති පරීක්ෂණවල ප‍්‍රගතිය ඔවුන්ගේ ඇගයීමට ද ලක්ව තිබෙනවා.