Wednesday, May 15, 2024

General line - 0115112241

යකඩ බෝල සමග සැකකරුවන් දෙදෙනෙක් කොටු

ජයකාන්ත වීරසේකර




හෝටලයක් තුළ තිබූ සැක කටයුතු පාර්සලයක් සෝදිසි කිරීමේදී ආරක්ෂක අංශ වෙත අදාළ පාර්සලය තුළ තිබී යකඩ බෝල තොගයක් සහ රසායනික ද්‍රව්‍ය හමු වී තිබෙනවා.

වැල්ලවාය නගරයේ හෝටලයක් තුළ අදාළ පාර්සලය තිබී ඇති බවයි වාර්තා වුණේ.

සැක කටයුතු පාර්සලයක් ඇති බවට තොරතුරක් ලැබීමත් සමග වැල්ලවාය පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරිමේ දී එහි තිබී මේවා සොයා ගැනුණා.

පසුව පොලිස් නිලධාරීන් විසින් මේ පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් බණ්ඩාරවෙල බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු බව පොලිසිය පැවසුවා.

සැකකරුවන් වයස අවුරුදු 42 සහ 46  යන වයස්වල පසුවනවා.