Wednesday, May 15, 2024

General line - 0115112241

තිරප්පනේ දී ගිනි අවි සමග 04ක් අත්අඩංගුවට

එම් එම් පී ජි පෙරේරා




තිරප්පනේ පොලිසිය සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ගිනි අවි 03ක් සමග පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රීපිටර් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 වර්ගයේ ගිනි අවි 02ක් සහ ඊට යොදන ජීව උණ්ඩ 06ක් එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.

එම ගිනි අවි ග‍්‍රීස් ආලේපනය කර පී වී සී බට තුළ බහා තිබූ බව නෙත් නිවුස් වාර්තාකරු ප‍්‍රකාශ කළා.