Thursday, May 16, 2024

General line - 0115112241

අසත්‍ය පුවත් පතුරවන්නන්ට සිරදඬුවම්




සමාජ මාධ්‍ය ඔස්සේ මහ ජනතාව සහ ආරක්ෂක අංශ නොමග යවන ආකාරයෙන් කටයුතු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.

ෆේස්බුක්, වට්ස් ඇප්, ට්ව්ටර් සහ වෙබ් අඩව ඔස්සේ මෙලෙස අසත්‍ය ප්‍රචාර පතුරවමින් අනවශ්‍ය මහජන කැළඹීමක් ඇතිවන ආකාරයෙන් සහ එමගින් ආරක්ෂක අංශ නොමග යවන සුළු සිදුවීම් වලට දායක වන පුද්ගලයින් හඳුනා ගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම වැරදි ක්‍රියාවන්ට වැරදිකරුවන් වන පුද්ගලයින්ට වසර 3 සිට 5 දක්වා සිරදඬුවම් ලබා දීමට නීතිමය හැකියාවක් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.