Thursday, May 16, 2024

General line - 0115112241

අමෙරිකානු රහස් නියෝජිතයන් ශ්‍රී ලංකාවට

ඩිල්ෂාන් මඩවල




අමෙරිකානු එෆ් බී අයි රහස් ඔත්තු සේවයේ නියෝජිතයින් කිහිපදෙනෙකු අද අලූයම ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සඳහා එෆ් බී අයි සහය හිමිවන බව මීට පෙර ප‍්‍රකාශ කෙරුණා. ජාතයන්තර පොලීසිය සහ තවත් රටවල් කිහිපයක ආරක්ෂක අංශ ද මෙම විමර්ශන සඳහා සහය වනු ඇති බවයි රජය පැවසුවේ.