Friday, May 17, 2024

General line - 0115112241

"විදෙස් රටක ත්‍රස්ත‍යෙක් වීම ශ්‍රී ලංකාවේ නීතිවිරෝධි නෑ" අගමැති රනිල්ගේ ප්‍රකාශයෙන් හෙළිවූ භයානක නීති හිඩැසක්!




අගමැති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මාධ්‍ය අමතා සිදු කළ කතාවක් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

එහිදි අගමැතිවරයා පවසා තිබුනේ මෑතකදී පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සිරියාවට ගොස් අයි. එස් ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තම රජය දැන සිටි බවයි. කෙසේ වෙතත් වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය අනුව විදෙස් ත්‍රස්ත සංවිධානයකට එක්වීම හා විදෙස් ත්‍රස්ත සංවිධානයක සමාජිකයෙක් වීම නීතිවිරෝධි නොවන නිසා ඔවුන් අත්අඩංගුවට නොගත් බව අගමැතිවරයා ස්කයි නිවුස් වෙත පවසා තිබුනා.

කෙසේ වෙතත් එම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට නොගැනීම අවසන් වූයේ ශ්‍රී ලාංකික සහ විදෙස් පුරවැසියන් සිය ගණනක් ජීවිතයෙන් වන්දි ගෙවීමෙනි.

මෙලෙසින් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පසුපස බලධාරීන්ගේ වගකීම් වීරහිතභාවය මෙන්ම එයට හේතු වූ තවත් නෛතික හේතුවක් කැපී පෙනේ. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වර්තමාන ත්‍රස්ත මර්ධන පනතේ ඇති දුර්වලභාවයයි. වර්තමාන ත්‍රස්ත මර්ධන පනතට අනුව විදේශයක ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානයකට එක්වූ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගැනීමට පවා ආරක්ෂක අංශ වලට බලයක් නැත.

එම වරද නිවැරදි කර ගනිමින් ත්‍රස්තවාදය පෝෂණය විය හැකි සියලු නෛතික සිඳුරු වසා දැමීමද කාලීන අවශ්‍යතාවයකි. ත්‍රස්තවාදයට හිස එසවීමට කිසිඳු ඉඩක් දිය යුතු නැත.

කෙසේ වෙතත් වර්තමානයේ ක්‍රියාත්මක ත්‍රස්ත මර්ධන පනත පවා අහෝසි කළ යුතු යැයි පසුගිය දිනවල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලු මෙරට ඇතැම් සිවිල් සංවිධාන විරෝධතාවයේ නිරත විය.