Thursday, May 16, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් මිය ගිය බවට බුද්ධි අංශයෙන් ප්‍රකාශයක්

දිනුක් හේවාවිතාරණ/ හේමන්ත කහවලගේ




ඉකුත් පාස්කු ඉරිදා එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාළාව එල්ල කළ ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වු සහරාන් හෂිම් එම ප්‍රහාරයෙදි ජිවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියි.

"සහරාන් හෂීම් මේ ප්‍රහාරයේ මෙහෙයවු පුද්ගලයා බවට බුද්ධි අංශ හදුනාගෙන තිබෙනවා. ෂැන්ග්‍රිලා හෝටලය තුල සිදුකළ පිපිරිමේදි ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි බුද්ධි අංශ තහවුරු කරන්නේ. ඔහු ඒ ප්‍රහාරය මෙහෙයවු බවට හෝටලයේ ආරක්ෂිත කැමරාවල පවා සටහන්ව තිබුනා" යනුවෙන් ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා පවසනවා.

මේ අතර ඉස්ලාමිය රාජ්‍ය (IS) නම් ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධකම් පවත්වනු ලබන බව කියන මෙරට පුද්ගලයින් 140 දෙනෙකු සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් අරබා ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

මේ ඇතැම් තරුණයින් 2013 වර්ෂයේ සිට මෙම ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධකම් තිබි ඇති බවත්, නමුත් මෙම ප්‍රහාරය එල්ල විමේ අවධානම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ඒ පිළිබදව තමන්ව කිසිදු අයුරකින්වත් දැනුවත් කිරිමක් සිදුකලේ නැති බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

යුධ සමයේ සිදුවු සිදුවිම් සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයන් වලදි රටේ බුද්ධි අංශයන් දුර්වල කිරිමේ වගකිම මානව හිමිකම් සම්බන්ධයෙන් හඩ නගමින් සිටි පුද්ගලයින් හා සංවිධාන විසින් භාර ගත යුතු බවට මෙහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම තව්හිත් ජමාත් ඇතුළු සංවිධාන වහා තහනම් කිරිමට අවශ්‍ය නිති සම්පාදනය කිරිමට තමන් නිතිපතිවරයාට දැනුම් දුන් බවයි මෙහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

තමන් කල ඉල්ලිමට අනුව ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වු බවත් පොලිස්පතිවරයාද අද දිනයේ ඉල්ලා අස්වනු ඇති බව ජනාධිපතිවරයා සදහන් කළා.