Wednesday, May 15, 2024

General line - 0115112241

බුද්ධි අංශයේ ලිපිය දුටුවේ ෆේස්බුක් එකෙන් - ජනපති මෛත්‍රී

හේමන්ත කහවලගේ




පාස්කු ප්‍රහාරය පිළිබඳව අනතුරු අගවා බුද්ධි අංශ නිකුත් කර තිබූ ලිපිය තමන් දුටුවේ ෆේස්බුක් වෙබ් අඩවියෙන් බව ජනපති මෛත්‍රී පවසනවා. අද ජනමාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවේදී ජනපතිවරයා මේ බව කියා සිටියා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ තමන් සිටියේ සිංගප්පූරූවේ බවත් සිය මිතුරෙක් එම ලිපිය පෙන්වූ බවත් ජනපති පවසනවා. 

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනපතිවරයා පැවසූවේ සිංහල අලුත් අවුරුද්දට තමන්ට බුලත් දීමටද ආරක්ෂක ලේකම් සහ පොලිස්පති පැමිණි නමුත් එම අවස්තාවේ හෝ එම ලිපිය තමන්ට ඔවුන් විසින් නොපෙන්වූ බවයි.