Wednesday, May 15, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් දරුවන්ගේ සුභසාධනය උදෙසා යුනිසෙෆ් ඉදිරිපත් වේ

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




පාස්කු ඉරිදා සිදු වු පිපිරීම් වලින් ළමයින්ද බොහෝ දෙනෙකු පිඩාවට පත්ව සිටිනවා. ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසන්නේ එලෙස පිඩාවට පත් ළමයින්ගේ මානසික සෞඛ්‍ය නංවාලීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව බවයි. එවැනි  ළමයින්ගේ සෙසු සුබසාධන කටයුතු සඳහාද ලබන සතියේ සිට වැඩසටහන් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවා. 

මේ එහි සභාපති නිතීඥ එච් එම් අබේරත්න,

මේ අතර පිපිරවීම්වලින් පිඩාවට පත් ළමයින් පිළිබඳ තමන්ද විමසිල්ලෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්ත යුනිසෙෆ් ආයතනය පවසනවා. මව්පියන් මිය ගිය ළමයින්ගේ රැකවරණය තහවුරු කිරීමට ප‍්‍රමුඛතාවයක් ලබා දිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ. 

පිඩාවට පත් ළමයින්ගේ මානසික සෞඛ්‍ය නංවාලීම ඇතුළු පුනුරුත්තාපන වැවඩසටහන්වල අවශ්‍යතාව ද මෙහිදී සිහිපත් කෙරුණා. ඒ සදහා මුල්‍ය සහ තාක්ෂණික සහය ලබා දීමටද සුදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් යුනිසෙෆ් ආයතනය පවසන්නේ.