Wednesday, May 15, 2024

General line - 0115112241

පොලිස් ලොක්කන් 13 දෙනෙකුගේ ස්ථාන මාරු අවලංගු කරයි




පොලිසියේ ජේෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකුට ලබා දී ස්ථාන මාරු තාවකාලිකව අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබෙනවා.

මෙම ස්ථාන මාරු සඳහා පොලිසියේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙක්, ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් සහ පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙකුට ජාතික පොලිස් කොමිසම විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී තිබුනා.

දැනට සිදුවන ආරක්ෂක කටයුතු පිළිබද සිදුකරන විමර්ශන හේතුවෙන් මෙම ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.