Wednesday, May 15, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ අවසරපත්‍ර සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රෝහන වසන්ත




පාර්ලිමේන්තුවට ඇතුලු වීමේ අවසර පත්‍ර සහ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේ දල සැලැස්මක් සමග අත්අඩංගුවට ගැනුනු සැකකරුගෙන් පැය 48 ක් රදාවාගෙන ප්‍රශ්න කිරීමට බලංගොඩ මහේෂ්ත්‍රාත් ජයරුවන් දිසානායක අද (26) පොලීසියට අවසර ලබා දුන්නා.

ඒ බලංගොඩ පොලීසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදීයි. 27 හැවිරිදි එම සැකකරු බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කරන අවස්ථාවේදී ඊයේ අත්අඩංගුවට ගැනුනා. අදාල නිවසේ තිබී ජංගම දුරකතන 03 ක්, සිම්කාඞ්පත් 13 ක්, ජීව උණ්ඩ 02 ක්  සහ ක්‍රෙඞ්ට් කාඞ්පත් කිහිපයක්ද සොයා ගැනුනා.