Thursday, May 16, 2024

General line - 0115112241

බෝම්බ ප්‍රහාරයෙන් ආර්ථික හානි අවම කිරීමට වැඩපිළිවලක් ගෙන එනවා - විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය

මහේෂ් චතුරංග




පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් ආර්ථිකයට සිදුව ඇති බලපෑම් අවම කර ගැනීම සදහා වැඩ පිළිවෙලක් සකස් කරන බව විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පවසනවා. මේ එම සංගමයේ සභාපති අසංග ජයසූරිය. 

සංවර්ධනය රටේ යහපැවැත්ම සඳහා මේ බිඳ වැටුණු මේ සංචාරකයින්ගේ සහ ආයෝජකයින්ගේ විශ්වාසය යළි දිනා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවලක් මේ දියත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ උපකාරය සහ ආශිර්වාදය අවශ්‍ය බව එම සංගමයේ සභාපති අසංග ජයසුරිය මෙහිදී ප්‍රකාශ කර සිටියා.

උතුරු පළාතේ විකාශය කෙරෙන බලපත්‍ර නොමැති රූපවාහිනි නාළිකා තහනම් කළයුතු බවද විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය පෙන්වා දුන්නා. 

විද්‍යුත් මාධ්‍යට අමතරව උතුරු පළාතේ ක්‍රියාත්මකව තිබෙන චන්ද්‍රිකා රූපවාහිනි නාලිකා කිසිදු අවසරයකින් තොරව ක්‍රියාත්මකයි. ඔවුන් මේ රටට ගෙවිය යුතු බදු මුදල් ගෙවන්නේ නැහැ. අනිත් කාරණාව තමයි ඔවුන් විකාශය කරන්නේ ඉන්දියාවේ රූපවාහිනි වැඩසටහන්. ඒ වැඩසටහන් හරහා රටේ වෛරය පැතිරෙන ආකාරයේ වැඩසටහන් විකාශය කරනවා. හොදම උදාහරණය තමයි ලංකාවේ මාධ්‍ය ආයතන වල මත්පැන් හෝ සිගරට් භාවිත කරන රුප රාමු විකාශය කරන්නේ නැහැ. නමුත් මෙම චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක බලපත්‍ර නොමැති නිතිවිරෝධී රුපවාහිනි විකාශනයන් එම රූප රාමු විකාශනය කරනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ ගැන මැදිහත් කියලා.