Friday, May 17, 2024

General line - 0115112241

බෝම්බ ප්‍රහාර මාලාව පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනුත් සිටීදැයි ජනපති සැකයෙන්




මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙ හිව රජය ගෙනගිය වැඩ පිළිවෙල පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාවට හේතුවක් වියහැකි බවට තමන්ට සැකයක් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළකලා. 

ප්‍රහාර වලට සම්බන්ධ ජාතික තවුහිද් ජමාද් සංවිධානය තහනම් කිරීමට පියවර නොගන්නේ මන්දැයි මෙහිදි ප්‍රශ්න කෙරුණා. 

යුද හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. එහිදි නැගුණු ප්‍රශ්න කිහිපයකට යුද හමුදාපතිවරයා සහ ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.