Thursday, May 16, 2024

General line - 0115112241

නල්ලතන්නිය වතු යායක තිබී අධිබල සන්නිවේදන උපකරණ හමුවේ - වතු හිමිකරුවා අරාබි සමාගමක අධ්‍යක්ෂවරයෙක්




නල්ලතන්නිය, පික්වීව් වතුයායේ ගොඩනැගිල්ලක තිබී අධිබල සන්නිවේදන උපකරණ රැසක් සහ දුරස්ථ පාලකයක කොටස් කිහිපයක් පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා. 

අක්කර 82 කින් සමන්විත එම වතුයාය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික සමාගමක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කරන අයෙකුට අයත් බවයි පැවසෙන්නේ. එම පුද්ගලයා හෙලිකොප්ටර් යානාවක් මගින් අවස්ථා ගණනාවකදි එම වතු යායට පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වනවා. 

අදාළ උපකරණ සොයාගෙන ඇත්තේ පික්වීව් වතුයායේ ඔහු නවාතැන් ගන්නා කාමරය තුළ තිබියදියි.