Friday, May 17, 2024

General line - 0115112241

පළමු ප්‍රහාරය එල්ල කලේ වව්නතිවු වලට : අත්අඩංගුවට ගත් අන්තවාදි සැකකරුවෙක් සියල්ල හෙළි කරයි

දිනුක් හේවාවිතාරණ




අන්තවාදි සංවිධානයක් වන තව්හිත් ජමාත් සංවිධානය විසින් ශ්‍රි ලංකාව තුළ සිදුකළ පළමු ප්‍රහාරය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදි සිදුකළ බවට වන තොරතුරු ආරක්ෂක අංශ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඉකුත් පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකරන ලද තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂිම්ගේ රියදුරා බව කියන පුද්ගලයා මේ බව අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සහරාන් හෂිම්ගේ රියදුරා කාත්තන්කුඩි ප්‍රදේශයේදි ඊයේ (27) ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදි මෙම සැකකරු හෙළිදරව් කර ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් මස 30 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදි මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක රාත්‍රි සේවාමුරයේ සිටි සිංහල සහ දමිළ පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කරන ලද්දේ සහරාන් හෂිම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් බවයි.

එය ශ්‍රි ලංකාව තුල සහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් තව්හිත් ජමාත් සංවිධානයේ පළමු ප්‍රහාරය බව මෙහිදි ඔහු හෙළිකර සිටිය බවයි වාර්තා වන්නේ.

මේ වන විට අත් අඩංගුවේ පසුවන සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදුකරමින් පවතිනවා.