Thursday, May 16, 2024

General line - 0115112241

"ෆොනී" නිසා ධිවරයින්ට අනතුරු ඇඟවීමක්




හම්බන්තොට සිට මඩකලපුව හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටුයතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ගිනිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින ගැඹුරු පීඩන අවපාතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

“ෆොනී” නම් මෙම සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළදී චණ්ද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක පැවසුවේ.